මෙම වෙබ්අඩවිය ක්‍රි.ව.2003 (සංශෝධිත) බුද්ධිමය දේපළ පිළිබද ශ්‍රී ලංකා නීතිය යටතේ හා 2002 ජාත්‍යන්තර නීතිය යටතේ ආවරණය වේ. මෙම වෙබ්අඩවිය සම්පුර්ණයෙන්ම හෝ කොටසක් උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික හෝ විද්‍යුත් චුම්භක ආදී කවර මාධ්‍යයකින් හෝ පළ කිරීම, ව්‍යාජ ලෙස සැකසූ වෙබ් අඩවි ප්‍රසිද්ධ කිරීම සම්පුර්ණයෙන්ම තහනම් වේ. වෙබ්අඩවිය අදාළ සියලු කාර්යයන් සදහා කතෘගේ ලිඛිත අවසරය ලබාගත යුතුය. අනවසරයෙන් එවැනි කටයුතු සදහා මෙම වෙබ්අඩවිය යොදාගන්නන්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබේ. මෙහි පළ කරන ලිපි පරිශීලකයාගේ ප්‍රයෝජනයට පමණක් ගත හැකිය.
ආදරණීය දුවේ, පුතේ.........
අපි හැමෝටම ගුරුවරුන් ඉන්නවා. අපේ ජීවිතය ගොඩනගන්න, අනාගතය ගොඩනගන්න අපිට දෙමවුපියන් වගේම ගුරුවරුත් උදවු කරනවා. මගපෙන්වනවා. අපේ ජීවිතය සාර්ථක කර ගන්න මේ උදවු නැතිවම බැරි දෙයක්. ඔයාලගේ දෙමවුපියන් ඔයාලට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න හදන්නේ රටට හොඳ වැදගත් පුද්ගලයෙක් දායාද කරන්න හිතාගෙන. ඒ ගමනේදී ගුරුවරු වෙන අපිට නිතරම ඔයාල හැමෝගෙම ලඟින් එකවර රැඳී සිටින්න අමාරු බව ඔයාල හැමෝටම වැටහෙනවා ඇති. හැමදේම සල්ලි වලට මිලදී ගන්න සිදුවෙලා තියෙන අවධියක, ඔයාල ලඟ අපි උදව්වකට නැති අවස්ථාවක, නොමිලේම පුංචි හරි උදව්වක් කරන්න පුලුවන්ද බලන්නයි මගේ මේ ප්රයත්නය.
මම දන්නවා හැම කරදරයක් මැද නොසැලී මාත් එක්ක දරු කැලක් හිටිය... ඉන්නවා... ඒ වගේම අනාගතයේදීත් ඉඳීවී. ඉතින් දුවේ, පුතේ ඔයාල මේ අවස්ථාවෙන් හොඳට ප්‍රයෝජන ගනීවී කියල මම විශ්වාස කරනවා. මම දන්නවා ඔයාල විවේකයක් ලැබුණු විගස ගොඩක් දෙනා අන්තර්ජාලයේ සැරිසරනවා කියල. එහෙම බැරිවෙන, එදා වෙලා අමාරුවෙන් හොයාගෙන, තමාගේ දරුවන්ට අමාරුවෙන් අධ්‍යාපන ලබාදෙන, අම්මා තාත්තලගේ දරුවෝ ඇති. ඒ අතරේ ඉගෙන ගන්න හුඟක් ආශා කරන දු දරුවන්ටත්, පුළුවන් හැම අයුරින්ම උදවු කරගෙන මේ ඔයාලට ලබාදෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගත හැකි වේවි. ඒ වගේම ඔයාලට මතුවෙන ඕනෑම ගැටළුවක්, මගේ විද්‍යුත් තැපැල් ලිපිනයට ([email protected]) වෙත ඕනෑම වෙලාවක යොමු කරන්න මැලි වෙන්න එපා. කොච්චර කාර්ය බහුල වූනත් මම පුළුවන් හැම අවස්ථාවකම ඒ හැම ගැටළුවකටම පිළිතුරු ඔබ සඳහන් කර එවන පරිදි නමත්, ශ්‍රේණියත්, පාසලත් එක්ක මෙහි ප්‍රශ්න පිටුව තීරයේ හැමෝටම උදව්වක් වෙන්න පලකරනවා. ඔයාලට කවි, නිසදැස් වගේ නිර්මාණ එවන්නත් පුළුවන්. ඒ නිර්මාණ සුදුසු පරිදි සකස් කරලා මෙහි කැටපත් පවුර මත සඳහන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ඉදිරියේදී මම උගන්වන ආයතනවල ඔයාලගේ අධ්‍යාපනයට උදව් වෙන විදිහේ සම්මන්ත්‍රණයක් හෝ කුමන හෝ විෂය ධාරාවක් ගැන පොතක් පල වෙනවනම් ඒ ගැනත් මෙහි සම්මන්ත්රණ හා විශේෂ අවස්ථා තීරයේ පලකරන්න බලාපොරොත්තු වෙනවා. දුවේ, පුතේ මෙම සේවාව පවත්වාගෙන යනවට මට සත පහක ලාබයක් නැහැ. ඒ නිසා මේ සේවාව ගැන වැරදි ඇහින් බලන්න එපා කියල මම ඔයාලගෙනුත්, ආදරණීය දෙමවුපියන්ගෙනුත් ඉල්ලනවා. මෙහි වෙළඳ දැන්වීම් විදිහට පලවෙන දැන්වීම් පවා ඔයාලගේම ප්‍රයෝජනය සඳහාම පමණක් බව කරුණාවෙන් සලකන්න. හැමදේකටම ගල්මුල්, මඩ ප්‍රහාර සාමාන්‍ය දෙයක්. මේ සේවාව ගැන හොඳ කියනවා වගේම ඒ වගේ එන ගල්මුල් මඩ ප්‍රහාරත් මම නිහඬවම විදගෙන ඔයාලට උදවු කරන්න බලාපොරොත්තු වෙනවා. නිහඬවම, තනියම හරි පුංචි ඔයාල වෙනුවෙන් හැමදාටම ඉන්නවා. මොකද දුවේ පුතේ ‘පල ඇති රුකටනේ ගල් ගහන්නේ’... අවශ්‍ය දේ මේ සේවාවෙන් ගන්න. අනවශ්‍ය කියල හිතෙනවනම් බැහැර කරන්න. නමුත් මම හිතන්නේ නැහැ කිසිම අනවශ්‍ය යමක් ඇති කියල. සාර්ථක අනාගතයකට ආසිරි !!! විඳ නේක කම්කටොළු වේ වැලත් හඬවලා ඇහින්ඳ ගත් අකුරු පොඩි හදවතේ තෙරපිලා වැහි වඳවෙන්න පෙර වස්සානයේ දිනෙක පාකර හැරිය යුතුය ඒ අකුරු මල් පොකුරු නුඹ එන පෙර මගට ගිලිහුණු අකුරු මල් රේණු තවත් ඇත සුවඳ ගැබ්බරව නෙතු සක්මන් නොකළ පේළි අතරේ සැඟවිලා ඔබ එන්න මල් මකරන්ද ඇහිඳින්න හංස පෙළ සේ සැරසිලා මීට ඔයාලගේ ආදරණීය සිංහල සර් Internet සිංහල පන්තිය මෙලොව එළිය දුටු දින.....
වර්තමානයේ භාවිතා වන සන්නිවේදන මාධ්‍යයන් අතර අන්තර්ජාලය ප්‍රධාන තැනක් ගන්නා අතර, මෙම සන්නිවේදන මාධ්‍යයන් බොහෝ පැතිකඩවල් ඔස්සේ විහිදී, ඕනෑම අයෙකු සඳහා නිරන්තරයෙන් විවෘතව පවතී. එම මාධ්‍යයන් ඔස්සේ හොඳ, නරක තෝරා බේරාගෙන විනෝදයට බර වැඩසටහන්/කාලය කා දැමීමට නිර්මාණය වී ඇති වැඩසටහන් නොව අධ්‍යාපනය සඳහා අරමුණු වූ වැඩසටහන් භාවිතයට යොමුවනුයේ ඉතා අල්ප වශයෙන් වූ පිරිසකි. අන්තර්ජාල භාවිතය, නව තාක්ෂණ භාවිතය වුවද මනාව යහපත් වූ දෙයට පමණක් භාවිතයට යොමු වීම අනාගත පරපුරක පුරුක් වශයෙන් අප දැන සිටිය යුතු වැදගත් කරුණකි.
මේ සඳහා අපේ සිංහල ගුරු පියාණන් අපිට හොඳ ආරම්භයක් ලබා දෙමින් යහපත් දේ සඳහා කොහොමද සන්නිවේදන මාධ්‍යයන්/නව තාක්ෂණය භාවිත කරන්නේ කියල මඟ පෙන්වන්න ගත්ත උත්සහයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වෙබ්අඩවිය එළි දැක්වුයේ. ඇත්තෙන්ම ඉගෙනීමට වෙහෙසෙන, දවසේ ඕනෑම වෙලාවක් තුළ උදවු උවමනා කරන අවස්ථාවක දී, සිංහල භාෂාව හා සාහිත්‍යය යටතේ පැනනගින ගැටළුවලට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියල හැමෝටම කියල දෙන්න තමයි මෙහි ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. අප හැමෝටම ආශිර්වාදයක් වූ මෙම අදහස් මුදුන්පත්වී යථාර්තයක් බවට පත්ව, වෙබ්අඩවිය සිසු අයිතිය සඳහා පැවරීමේ මුහුරත් උළෙල දා එය විවෘත කිරීම සඳහා අවස්ථාව මට ලබා දීම ගැන මම මහත් සේ සතුටට පත්වෙන අතර, සිසුවියක් වශයෙන් මෙම මහඟු අවස්ථාවට දායක වෙන්නට ලැබීම ඉතා භාග්‍යක් කොට සලකමි. එමෙන්ම මෙම වටිනා සේවාව බොහෝ දෙන අතර ප්‍රචලිත වී දිනෙන් දිනම දියුණු වී මතු පරපුරේ අධ්‍යාපනය සඳහා වූ තෝතැන්නක් බවට පත්වේවා!!! යි මගේ පැතුමයි.... නිරෝෂි නානායක්කාර 11 ශ්‍රේණිය, ශාන්ත ලෝරන්ස් විදුහල, වැල්ලවත්ත. |
ශ්‍රී ලංකාවේ දැන් වේලාව............
|
සියලූම
හිමිකම් ඇවිරිණි © Sinhala4all - දිනේෂ් චන්ද්‍රසේන
(B.A. Special), 2012